A/L Sinhala

සිංහල අක‍්ෂර වින්‍යාසය

01. න / ණ , ල / ළ භාවිතය

  • ‘ණ’ භාවිතය

(1) ර/ෂ/ඍ යන අක්ෂරයකට පසුව මුර්ධජ ‘ණ’ යෙදේ.

නිදසුන් –
මරණය/ සරණ / විවරණ / විශේෂණ/ පාෂාණ / ලක්ෂණ / තෘෂ්ණාව / ඍණ

 

(2)  පාලි හෝ සංස්කෘත වචනයක මූර්ධජ අක්‍ෂරයකට පූර්වයෙන් බොහෝ විට මූර්ධජ ‘ණ’  යෙදේ.

නිදසුන් –
කණ්ටක , කොණ්ඩය , දණ්ඩ , ඝණ්ඨාව , බණ්ඩාර , කණ්ඨජ , පණ්ඩිත , පුණ්ණ

 

(3) ගෞරවාර්තයේ යෙදෙන ආණ , අණු , අණි වැනි තද්ධිත ප්‍රත්‍ය සහිත පදවල මූර්ධජ ‘ණ’ යෙදේ.

නිදසුන් 
පුතණුවෝ , තෙරණුවෝ , සිටාණ , මෑණියෝ , අයියණ්ඩි , මලණ්ඩ

 

(5) බහු වචනයේදී හල් වන ‘න කාරය සහිත පද දන්තජ ‘න’ සහිත වේ.

නිදසුන්
                      සවන – සවන් 

                      පින    – පින් , 

                      කැන  – කැන් 

                      ලවන  – ලවන්

                      පෑන   – පෑන්

**න / ණ යෙදීම නිසා අර්ථය වෙනස් වන පද රාශියක්ද සිංහලයේ ඇත.

 

නිදසුන්
                       කණ (එක් ඇසක් නොපෙනෙන)

                       කන (ශ්‍රවණේන්ද්‍රිය)

                       පහණ – පාෂාණය (සඳකඩපහණ)

                       පහන  –  ප්‍රදීපය (පොල්තෙල් පහන)

 

‘ළ’ භාවිතය

 (1) සඤ්ඤක අකුරකට පෙර යෙදෙන ‘ල’ මුර්ධජ ‘ළ’ වේ.

           පළඟ
           පොළඟා

 

(2) ‘ල’ කාර දෙකක් එක ළඟ යෙදෙන විට මුර්ධජ ‘ළ’ පළමුව යෙදීම සාමාන්‍ය රීතියයි.

            උළෙල

            සැළලිහිණියා
            කළල

 
(3) ද්විත්ව වී අරුත් දෙන ‘ල’ යෙදූ පදවල දන්තජ ‘ල’ කාරය යෙදේ.

                      මහලු    –    මහල්ලා

                      මලු        –    මල්ල

                      සියලු    –     සියල්ල

(4) ල /ළ යෙදීම අනුව අර්ථය වෙනස් වන පද
                      අලු       –    ආලෝකය /      අළු – අළු පැහැය
                      පැල     –    කුඩා නිවස /     පැළ – කුඩා ශාක

 

02. ශ /ෂ /ස භාවිතය

ශ භාවිතය

(1) බොහෝ විට තාලුජ අක්‍ෂරයක් සමග සංයෝජනය වනුයේ ශ කාරයයි.
තාලුජ අක්‍ෂර :-  ච , ඡ , ජ , ඣ ,ඤ
දුශ්චරිත ,ආශ්චර්ය , නිශ්ශබ්ද , නිශ්ශංක


(2) තාලුජ අක්‍ෂරයක් නොමැති තන්හිද තාලුජ ශ යෙදෙන තැන් ඇත.
අනුශාසනා , විශාරද , ක්ලේශ , ශ්‍රවණ


(3) ඇතැම් විට “ව” යන්නට මුලින් යෙදේ.
විශ්වාස , ඊශ්වර , විශ්වය , අශ්වයා


(4) ශ / ස සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ.
ප්‍රශස්ති , ශාස්ත්‍රාලය , ශාසනය


(5) ශ / ෂ සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ.

ශිෂ්ටාචාර , විශේෂ , විශිෂ්ට , ශිෂ්‍යයා


ෂ භාවිතය

(1) මුර්ධජ අක්ෂරයකට පුර්වයෙන් මුර්ධජ ෂ යෙදේ.
විෂ්ණු , නෂ්ට , දෘෂ්ටි , අෂ්ටලෝක , ක්‍රිෂ්ණජිනා

(2) ක සමග සංයෝග වන්නේ මුර්ධජ ෂ වේ.
අක්‍ෂර , දුෂ්කර , පරීක්ෂණ , තීක්ෂණ

(3) ඇතැම් විට ප බලපෑම නිසා ෂ යෙදේ.
නිෂ්පාදන , නිෂ්ප්‍රභා , නිෂ්පත්තිය


04. තද්ධිත ප්‍රත්‍ය භාවිතය

වත් / මත් ප්‍රත්‍ය භාවිතය

වත් ප්‍රත්‍ය භාවිතය

ප්‍රත්‍යය එකතු වීමට පුර්වයේ ඇති නාම පදය අ / ආ /ඇ යන ස්වර වලින් හා හල් අකුරකින් අවසන් වන පද සමග යෙදේ.

                   ආදර්ශ (අ) +වත් = ආදර්ශවත්                           

                   ප්‍රබෝධ (අ) + වත් = ප්‍රබෝධවත් 

                   ප්‍රභා (ආ) + වත් =ප්‍රභාවත්                                


මත් ප්‍රත්‍ය භාවිතය

උ / ඌ /ඉ /ඊ යන ස්වර වලින් අවසන් පද සමග මත් ප්‍රත්‍ය යෙදේ.

                  දිරි (ඉ) + මත්      =   දිරිමත් 

                  ඉසුරු (උ) +මත්  =   ඉසුරුමත් 

                  රූ (ඌ) මත්        =    රූමත්

 

ඉක /ඊය ප්‍රත්‍ය භාවිතය

ප්‍රත්‍ය එකතු වන නාම පදයේ මුලින් ඇති ස්වරය වෘදධි වේ. 

අ > ආ 

      සමාජ + ඉක = සාමාජික

ඉ > ඓ

      දින + ඉක  = දෛනික

උ > ඖ

      පුරාණ + ඉක = පෞරාණික

 

05. සන්ධි වන පද වල අක්‍ෂර වින්‍යාසය

දීර්ඝ සන්ධිය

රිද්ම + අනුකුල = රිද්මානුකුල

අන්තඃ ස්වරාදේශ

අති + අලංකාර = අත්‍යලංකාර

1 thought on “සිංහල අක‍්ෂර වින්‍යාසය”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top